‍යුද හමුදා සේවයෙන් පලා ගිය 2ක් අත්අඩංගුවට

Share

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ලෙසට ලේඛන ගත වු යුද හමුදා සේවයෙන් පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පෑලියගොඩ, නවලෝක වටරවුම අසළ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100ක් සමඟ පුද්ගලයෙකු ඊයේ(08) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය 03 වනදා පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රැම් 05කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් රැඳවුම් නියෝග මත සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා සහෝදරයන් වන අතර ඔවුන් වත්තල, කඩවත, කිරිබත්ගොඩ ප්‍රදේශවල ගෙවල් බිඳ දේපල සොරා ගැනීම් සිද්ධින් 15කට පමණ සම්බන්ධ බව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News