පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

Share

සත්කාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (10) පැවැති පළමු එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හැති විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ ජය වාර්තා කළේ මේ වසර තුළදී පිට පිට එක්දින තරග 12ක් පරාජයට පත්වීමෙන් පසුව වීම විශේෂත්වයකි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 112කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 20යි, පන්දු 4කදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 3ක් පමණක් අහිමිකර ගනිමිනි. මේ සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 25ක් හා නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 26ක් රැස් කළහ.

ලකුණු 112ක ඉලක්කය හඹා යෑමට උපුල් තරංග සමගින් පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලකට ඊයේ ලබාගත හැකිවූයේ එක් ලකුණක් පමණි.

හතරේ පහර 10ක් සමගින් පන්දු 46කට මුහුණදී සිටි තරංග අර්ධ ශතකයකට ලකුණක් පසුපසින් සිටියදී හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවකට ශිකර් ධවාන් උඩපන්දු රැක ගැනීමෙන් දැවී ගියේය.

කාසියේ වාසිය පරාජය වීමෙන් පසුව මුලින්ම පන්දුවට පහරදීමට පැමිණි ඉන්දීය පිල අනපේක්ෂිත අයුරින් ආගාධයකට තල්ලු කළ සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ ඕවර 38කුත්, පන්දු 2කදී ඉනිම ලකුණු 112කට සීමා කිරීමට සමත්වූහ. ඉන්දියානු පිල ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය 5වැනි අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර සිය මවුබිමේදී දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වෙයි.

 

දෙපිල අතර දෙවැනි එක්දින තරගය ලබන 13 දා මොහාලි හිදී පැවැත්වේ.

 

Read more

Local News