වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (11) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 11 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ඇන්ෆිල්ඩ් තේ වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 10 දෙනෙකු සහ එක් වතු කම්කරුවෙකුයි මෙසේ රෝහල් ගත කර ඇත්තේ.

ඇන්ෆිල්ඩ් තේ වත්තේ යාන්ත්‍රානුසාරයෙන් තේ පණුවන් සඳහා කෘමිනාෂක දියර ඉසමින් සිටින අවස්තාවේ එරබදු ගසක බැද තිබු බඹර කුඩුවක් එක් වරම ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.

තේ වතු ආශ්‍රිතව තේ පදුරු සහ එ අවට තිබෙන ගස් වල මේ දිනවල විශාල වශයෙන් බඹරුන් කුඩු බැද ඇති අතර එම බඹර කුඩුවල බඹර වද තිබෙන නිසා සුළු ශබ්දයකදි පවා බඹරුන් ඇවිස්සි තේ වතු යායේ වැඩ කරමින් සිටින වතු කම්කරුවන්ට ප්‍රහාර එල්ල කිරිමේ ප්‍රවනතාවයක්ද පවතින බව පරිසරවේදින් පවසයි.

බඹර කුඩු විනාශ නොකර බඹර කුඩු ඉන් ඉවත්කිරිමට වතු පාලන අධිකාරිය විසින් නිසි වැඩ පිලිවෙලක් දියත් කර යුතු බව පරිසර සංවිධාන කියා සිටියි.

Read more

Local News