Home දේශීය පුවත් තිරිඟු පිටි පැවති මිලට අලෙවි කරන්න

තිරිඟු පිටි පැවති මිලට අලෙවි කරන්න

0
තිරිඟු පිටි පැවති මිලට අලෙවි කරන්න

සාකච්ඡා කර විසඳුමක පැමිණෙන තෙක් වැඩි කළ තිරිඟු පිටි පැවති මිලට අලෙවි කරන ලෙස අදාළ සමාගම්වලට දැනුම් දුන් බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාර්මාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

පිටි සමාගම් විසින් ඔවුන්ට නොදන්වා පාන් පිටි මිලේ වැඩි කිරීමක් සිදු කළ බව අමාත්‍ය පී.හැරිසන් මහතා මෙහිදී සඳහන් කළේය.

පිටි සමාගම් පවසන ආකාරයට ඩොලරයේ මිල ඉහළ ගියත් වසර ගණනාවකින් පාන් පිටි මිලේ කිසිදු වෙනසක් සිදු නොනු බවත් ඒ නිසාවෙන් පිටි සමාගම් ගැන සිතිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

එහෙත් නීත්‍යානුකූලව පාන් පිටි අදාළ සමාගම් විසින් වැඩි කිරීමට සිදු කළ යුතු බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාර්මාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here