ඉතිහාසයේ වැඩිම වැටුප් ඉහළ දැමීම වත්මන් රජයෙන් සිදු කළා

Share

ඉතිහාසයේ වැඩිම වැටුප් ඉහළ දැමීම වත්මන් රජයෙන් සිදු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 400 කට අධික පිරිසකට පත්වීම් ප්‍රදානය කිරිමේ වැඩසටහනට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (11) එක් වෙමිනි.

මෙම පත්වීම් උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,

“සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය සේවයට ඔබ අද බැදෙනවා. අද වෘත්තීය සමිති තමුන්නාන්සේලාට කථා කරයි. අද රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරලා තිබෙනවා. කලින් පැවැති ආණ්ඩු කළේ දිමනා වැඩි කළ එක. ඉතිහාසයේ වැඩි කළ වැඩිම වැටුප් ප්‍රමාණය වන රුපියල් 10,000 කින් වත්මන් රජය වැටුප් වැඩි කළා. මාසෙකට රුපියල් 40,000 විතර වැටුපේ වැඩිවිමක් සිදු වෙනවා.

ඔබලාගේ සියයට 107 කින් සහ ලේකම්තුමන්ලාගේ සියයට 130 කිනුත් වැටුප් වැඩිවෙලා තිබෙනවා. මේ සේරම දීලා තමයි තව ඉල්ලන්නේ. තව කාට හරි වැටුප් වැඩි වෙනවා කිවුවාම ඔක්කොටම වැඩි කරන්න කියලා කියනවා. මොකද 2006 දී වෘත්තීය සමිති හා රජය එක්ව මෝඩ වැඩක් කරලා තිබෙනවා. දෙකේ හතරේ අනුපාතයට වැඩ්වෙන්න ඕන කියලා. කාගේ හරි වැටුපක් වැඩිවුනාම ඒ හා සමානව සියලු දෙනාගේ වැටුප් වැඩි වෙන්න ඕනි කියලා. එහෙම අනුපාත ක්‍රම ලෝකෙ කොහේවත් නැහැ. ඒ ඒ ශ්‍රේණිවල දායකත්වය, වැදගත්කම, මහන්සිය අනුව වැටුප් වැඩි වෙනවා. අදත් රාජ්‍ය පරිපාලන නිලධාරින් සියයට 130 වැටුප් වැඩි කරලා ඉවරවෙලා ඒගොල්ල තවත් වැටුප් වැඩි කිරිම ගැන කථා කරනවා.

එතකොට දුප්පත් මිනිස්සු මොනවාද ඉල්ලන්නේ. රජයේ සේවකයෝ විතරක් නොවෙයිනේ ලංකාවේ ඉන්නේ. මේ අයට දිමනා දෙන්නේ ආණ්ඩුව ගෙදරින් ගෙනල්ලා නොවෙයි. එතකොට බදු වැඩි කරනවා. බදු ගෙවන්නේ කවු ද, අර සාමාන්‍ය ජනතාව මිලියන 20 තමයි බදු ගෙවන්නේ.

මේ ආණ්ඩුව අහිසංක දුප්පත් ජනතාව ලක්ෂ 06 කට සමෘද්ධිය ලබාදුන්නා. දුන්න දීමනාව දෙගුණ කරලා තිබෙනවා. සමෘද්ධිලාභින්මිලියන 2.3 ක් ඉන්නවා. මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 2500- 5000 කළා. ලෝකෙ කිසිම ආණ්ඩුවක් මෙහෙම නිකන් මුදල් දීලා අතටත් සල්ලි දෙන්නේ නැහැ. මේ දෙන දෙවිලි දීමනා කිව්වාම සුද්දො ඔළුවේ අත තියාගෙන බලාගෙන ඉන්නවා. නිදහස් සෞඛ්‍ය සේවාවේ නොදුන්න දේවල් තිබුනා. අපි ඒ සියලු දේවල් ජනතාවට ලබාදීලා තිබෙනවා. පිළිකා රෝගීන්ට සීමාවකින් තොරව ප්‍රතිකාර ලබාදෙනවා, ස්ටෙන්ස් අක්ෂි කාච නොමිලේ ලබාදෙනවා. ඖෂධ මිල අඩු කරලා තිබෙනවා. මෙතෙක් නොකළ සැත්කම් අපි පටන් ගත්තා. මේ වගේ අහිංසක ජනතාව වෙනුවෙන් අපි වැඩ කරලා තිබෙනවා.”යැයි ද වැඩිදුරටත් පැවැසීය.

Read more

Local News