අනතුරකින් ආබාධිත හමුදා සෙබලෙක් මරුට

Share

මහනුවර-යාපනය A-9 මාර්ගයේ, රාබාව, වැලිඹය ප්‍රදේශයේදී අද (25) අළුයම සිදුවූ අනතුරකින් යුද හමුදාවේ ආබාධිත රණවිරුවෙක් ජීවිත්ක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ ඖෂධහාමිගේ බන්දු නැමැති යුද හමුදා සෙබලෙක් වන අතර ඔහු 45 හැවිරිදි දෙදරු පියෙකි.

ඉදිරියේදී පැවැත්වීම නියමිත යුද හමුදා ආබාධිත රණවිරුවන්ගේ මලල ක්‍රිඩා උළෙලේ මීටර් 800ක් දුර දිවිමේ තරඟය සඳහා සහභාගී විම සඳහා මහනුවර-යාපනය A-9 මාර්ගයේ පුහුණුවීම් කටයුතු සිදු කරන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.

ආබාධිත හමුදා සෙබළා මාර්ගයේ පුහුණුවීම් කටයුතවල නිරත වෙමින් සිටියදී මාර්ගයේ අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් මෙම සෙබළාගේ ගැටී ඇති බව මිහින්තලය පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුර අත්අඩංගුයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිහින්තලය පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News