facebook හරහා ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් වංචා කළ 2ක් අත්අඩංගුවට

Share

කාන්තාවක් විසින් මුහුණු පොත(facebook) හරහා ව්‍යාපාරිකයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වා සිදුකල අපරාධයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

නිරුවත් වීඩියෝ සංවාදවල යෙදෙමින් හා නිරුවත් ඡායාරූප ලබා ගෙන එම ව්‍යාපාරිකායගේ ද නිරුවත් ඡායාරූප එම කාන්තාව විසින් ගෙන්වා ගෙන තිබේ.

එම ඡායාරූප අන්තර්ඡාලයට මුදා හරින බව පවසමින් ව්‍යාපාරිකයා බිය වද්දමින් පසුව බලෙන් මුදල් ලබා ගැනීමක් සිදු කර ඇති බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් විමර්ශනයක් ආරම්භ කර එහිදි සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය එක්ව මේ ආකාරයෙන් අවස්ථා කීපයකදීම මෙම පැමිණිලිකාර ව්‍යපාරිකයාගෙන් මුදල් රුපියල් 2,44,000 ක මුදලක් බලෙන් ලබා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, වයස අවුරුදු 28 ක් වු මෝසස් පටුමඟ, කටුකුරුන්ද, මොරටුව ලිපිනයේ පදිංචි ගුවන් හමුදාවෙන් පලා ගිය සෙබලෙක් බව අනාවරණය වී තිබේ.

කඩුගම්මුල්ල, මැගලතුර, රත්නපුර ලිපිනයේ පදිංචි වයස අවුරුදු 28 ක් වු සැකකාරිය ද මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු හා සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණවයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read more

Local News