රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

දවුලගල-වැලිගල්ල මාර්ගයේ ඩී.බී විජේතුංගු විද්‍යාලය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් වයස අවුරුදු එක හමාරක් වූ කුඩා දරුවෙකු හා තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

වැලිගල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ලැමිණි වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙම යතුරුපැදියේ ගමන් කර ඇත්තේ පියා, මව සහ ඔවුන්ගේ වයස අවුරුදු එක හමාරක් වූ කුඩා දරුවෙකු වන අතර මෙම අනතුරින් පියා සහ වයස අවුරුදු එක හමාරක් වූ කුඩා දරුවා බරපතළ තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ තැන්පත් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News