හෙට කළුතර තැන් කීපයකට වතුර නෑ

Share

කළුතර ආශ්‍රිත ස්ථාන කීපයක හෙට (09) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

ඒ අනුව හෙට උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ලබයි.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර(උතුර/දකුණ), කටුකරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය හා බෙන්තොට යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව බලපානු ඇත.

කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලි බලය සැපයීම අත්හිටුවන බව දන්වා ඇති බැවින් හෙට දිනයේ මෙලෙස ජල කප්පාදුව සිදු කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කරයි.

Read more

Local News