නීති විරෝධීව මසුන් ඇල්ලු 13 ක් නාවික හමුදා බාරයට

Share

ත්‍රිකුණාමලය, නොර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් දහතුන්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් නොර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දහතුන්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

එහිදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රාදෙකක්, පිටත දහන යන්ත්‍ර දෙකක්, තහනම් දැල් දෙකක් සහ ධිවර ආම්පන්න තොගයක් නාවික හමුදා බාරයට ගෙන තිබේ.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් අවුරුදු 21 ත් 47 ත් අතර වයස් වල පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ධිවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News