ඔස්ට්‍රේලියානු ලැව්ගිනි සිඩ්නි නගර සීමාවටත් පැතිරෙයි

Share

මේ වනවිට ඔස්ට්‍රේලියානු ලැව්ගිනි සිඩ්නි නගර සීමාව වෙත ලගාවෙමින් පවතින බව නිල වාර්තා තහවුරු කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ඇතුළු ප්‍රාන්ත කිහිපයක තවදුරටත් ලැව්ගිනි ව්‍යාප්ත වෙමින් පවතියි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා දැනට ක්‍රියාත්මක ලැව්ගිනි ප්‍රමාණය සියයත්, තුන්සියයත් අතර බව එරට විදසේ වාර්තා සඳහන් කරයි.

ගිනි නිවීම සඳහා ගිනිනිවන සේවකයන් විශාල පිරිසක් කිලෝ මීටර් දහසක ප්‍රමණ ප්‍රදේශයක සේවයේ යොදවා ඇතත්, හෙක්ටයාර ලක්ෂයක පමණ භූමියක් දැනටමත් ගින්නට ගොඳුරු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මාස කිහිපයක් තිස්සේ ඔස්ට්‍රේලියාව පැතිර යන ලැව්ගිනි හේතුවෙන් එහි විශාල භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව තිබේ.

Read more

Local News