කැලි‍ෆෝනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමක් – සිසුන් 2ක් මරුට

Share

අමෙරිකාවේ කැලි‍ෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් දෙදෙනෙක් මියගොස් තිබෙන බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරයෙන් තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, වෙඩිකරුද ඒ පිරිස අතර වන බවයි වාර්තා වන්නේ.

මියගිය සිසුන් දෙදෙනා අතරින් එක් අයෙක් 16 හැවිරිදි සිසුවියක් වන අතර අනෙක් සිසුවා 14 හැවිරිදි බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රහාරයට නිශ්චිත හේතුව මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News