කල්පිටිය දේවස්ථානයක ගින්නක්

Share

කල්පිටිය, පල්ලිවාසල්තුරේ රෙඩ්බානා ග්‍රාමයේ පිහිටි සාන්ත ජුසේ වාස් මුනිදුන්ගේ දේවස්ථානය තුළ අද (27) අළුයම ගින්නක් හට‌ගෙන තිබේ.

ගින්න පැතිර යාමෙන් දේවස්ථානයේ පිටුපස කොටසට අලාභ හානි සිදුව ඇති බවට වාර්තා ‌වෙයි.

අදාළ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read more

Local News