පසුගියදා ඇල්බේනියාවට බලපෑ භූකම්පනයෙන් මියගිය පිරිස 21 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ටිරානා අගනුවර සමීපයට බලපෑ භූකම්පනයත් සමගින් එහි ගොඩනැගිලි රැසක් හානියට පත්ව ඇත.
ඇල්බේනියාවට බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 6.4ක් සටහන් කළ ප්‍රබල භූකම්පනයකින් එහි අගනුවර ඇතුලු තවත් ප්‍රදේශ රැසකට දැඩි හානි සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විපතින් අවතැන් වූ පිරිස් මේ වනවිට යුද හමුදාවට අයත් පාපන්දු ක්‍රීඩාංගණයක තාවකාලික කූඩාරම්වල රදවා ඇති බව සදහන්.
මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් අනතුරුව ඇල්බේනියාව වෙත තවත් පසුකම්පන සියයකට වැඩි ප්‍රමාණයක බලපෑම් එල්ල වී තිබේ.