කොංගෝ රාජ්‍යයට බලපා ඇති ගංවතුරින් 39ක් මරුට

Share

කොංගෝ රාජ්‍යයට බලපා ඇති ගංවතුරින් හා නායයෑම්වලින් පුද්ගලයන් 39 දෙනෙක් මියගොස් තිබේ.

අයහපත් කාලගුණයෙන් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින බවද එරට වාර්තා සඳහන් කරයි.

කොංගෝ රාජ්‍යයේ කින්ෂාසා අගනුවර ආශ්‍රිත ප්‍රදේශයට බලපා ඇති ධාරාණිපාත වැසි සහිත කාලගුණයත් සමග ගංවතුරක් හටගෙන තිබේ.

ප්‍රදේශයේ මහාමාර්ගයක් හා නිවාස කිහිපයක් නායයෑම්වලට හසුවී තිබේ.

විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ඉදිරිපත්වී සිටියි.

එමෙන්ම මහාමාර්ග රැසක් ජලයන් යටවී තිබීම නිසා ගමනාගමන කටයුතුද ඇණහිට ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News