පාලකයින්ට ජනතාව දුප්පත් වන තරමට ලාබයි, පහසුයි

Share

වත්මන් ආණ්ඩුව සිදුකරන යහපත් ක්‍රියාවන් ඉදිරි මහමැතිවරණයෙන් පසුවද ජනතාව බලාපොරොත්තුවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

බදුල්ල හාලිඇල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

අපේ රටේ පාලකයින්ට ජනතාව දුප්පත් වන තරමට ලාබයි සහ පහසුයි. එමෙන්ම රට තුළ ජාතිවාදී තුවාලය තියෙන තුරු එය විකිණීමට පහසු බවත් පැවසු විද්‍යාරත්න මහතා, එය අවාසනවයක් බවත් කියා සිටියේය.

නමුත් තමන් පවසන දේ ජනතාව විසින් තේරුම් නොගත් බවත්, ඉදිරියේ දී හෝ මෙම සත්‍ය ජනතාව තේරුම් ගනු ඇතැයි ද ඒ මහතා පැවසීය.

මේ වන විට ආණ්ඩුව “හොඳ ළමයාගේ“ භූමිකාව රඟ දක්වමින් සිටින බවත් එළඹෙන මහ මැතිවරණය හේතුවෙන් එසේ කටයුතු කරන බවත් විද්‍යාරත්න මහතා සඳහන් ක‌ළේය.

Read more

Local News