කැනඩාවේ මහ කොමසාරිස් සහ චීන විශේෂ නියෝජිත ජනපති අතර හමුවක්

Share

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් (Daved Mckinnon) මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

මෙහිදී ජනාධිපතිවරයා මහකොමසාරිස්වරයා සමඟ සුහද කතාබහක නිරත වූ අතර මහකොමසාරිස්වරයා කැනඩා රජය වෙනුවෙන් සිය සුභාශීංසන ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මේ අතර චීන ජන රජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති (Wu Jianghao) මහතා ද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

 

Read more

Local News