අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරයි

Share

ආහාර ඇසුරුම් ලෙස යොදා ගන්නා පොලිතීන්වල තොරතුරු ඇතුළත් කරමින් භාෂා ත්‍රිත්වයෙන්ම ලේබලයක් අඩංගු කළ යුතු බවට වන අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එය ලබන වසරේ ජුනි මස පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි සඳහන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව සන්නාම නාමය, උපරිම සිල්ලර මිළ, නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය, නිෂ්පාදිත දිනය සහ ආයු කාලය, නිෂ්පාදනය සඳහා භාවිත කළ ද්‍රව්‍ය, එම ද්‍රව්‍ය ආහාර සඳහා භාවිතයට සුදුසු සහ ජෛව හායනයට ලක්වන නැතහොත් කොම්පෝස්ට් කළ හැකිද යන්න සම්බන්ධයෙන් අදාළ ලේබලයේ සඳහන් කළයුතු වේ.

එමෙන්ම මධ්‍යම පරිසරය අධිකාරීයේ ලියාපදිංචි අංකය, ආහාර දවටනයේ ප්‍රමාණය සහ ආහාර දවටන ඇතුළත් පැකට්ටුවේ හෝ බණ්ඩලයේ ඇතුළත් ආහාර දවටන සංඛ්‍යාව සම්බන්ධයෙන්ද එම ලේබලයේ දැක්විය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Read more

Local News