පාර්ලිමේන්තුව වාර අවසන් – නව සැසිවාරය ජනවාරි 3 දා

Share

පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊයේ (02) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණි.

ඒ අනුව පාර්ලිමේන්තුව ලබන වසරේ ජනවාරි මස 03 වන දින දක්වා කල් තැබීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

නව පාර්ලිමේන්තුව එදින පෙරවරු 10.00ට රැස්වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමත් සමඟ උසස් නිලතල පිළිබඳ කාරක සභාව, අධීක්ෂණ කාරක සභාව සහ විශේෂ කාරක සභාව හැර අනෙකුත් සියලු කාරක සභා අහෝසි වෙයි.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රාජ්‍ය ගිණුම්කාරක සභාව ද ඒ අනුව අහෝසි වනු ඇති.

Read more

Local News