පළාත් කිහිපයකට තවදුරටත් වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බවයි.

බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට (මි.මි.75 පමණ) සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැක.

දිවයිනේ උතුරු අර්ධයේ සහ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල විටින්විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තුවේ.

Read more

Local News