ඉන්දියාවේ මුම්බායි නුවර මහල් ගොඩනැගිල්ලක ගින්නක්

Share

ඉන්දියාවේ මුම්බායි නුවර මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබේ. ගින්නෙන් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ගොඩනැගිල්ලේ ඉහළම මහලේ ගින්න හටගෙන ඇති අතර පසුව එය පහත මහල් වෙත ව්‍යාප්තවී ඇත.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවිමේ භටයින් පැමිණ ඇති අතර ගොඩනැගිල්ල තුළ සිරව සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

Read more

Local News