ජෝර්ජ් වෙයා ලයිබීරියාවේ නව ජනාධිපතිවරයා වෙයි

Share

හිටපු පාපන්දු ක්‍රීඩකයකු වන ජෝර්ජ් වෙයා ලයිබීරියාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇත.

පසුගියදා පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී ඔහුට 61.5%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබූ බව ලයිබීරියාවේ මැතිවරණ කොමිසම සඳහන් කර ඇත. ජෝර්ජ් වෙයාගේ ප්‍රතිවාදියා වූ ජෝසප් බෝකායිට ලබා ගැනිමට හැකිව ඇත්තේ38.5%ක ප්‍රතිශතයක් පමණි.

වෙයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් මොන්රෝවියා අගනුවර ප්‍රීතී උත්සව පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Read more

Local News