වෙබ් මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් ජනපතිට පිළිගන්වයි

Share

වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පද්ධතිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (29) කොළඹ හිල්ටන් හෝටලයේ දී සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වෙබ් මාධ්‍ය කලාව සඳහා හඳුන්වාදුන් මෙම ආචාර ධර්ම පද්ධතිය ඉතා වැදගත් විශිෂ්ට කාර්යයක් බවයි.
එමෙන්ම මෙය මාධ්‍ය ක්ෂේත‍්‍රයට පමණක් නොව දේශපාලන ක්ෂේත‍්‍රය සහ මුළු මහත් මානව සමාජය වෙනුවෙන් කාලීන අවශ්‍යතාවයක් ඉටුකිරීමක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
වෙබ් මාධ්‍යවේදින්ගේ ගැටලුු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් නුදුරු දිනකදීම ලබාදෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

Read more

Local News