මහජන සේවය සඳහා සියලු රාජ්‍ය සේවකයින් වගකීමෙන් බැඳී සිටිනවා – ජනාධිපති ලේකම් 

Share

උදාවූ නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති කාර්යාලයීය කාර්යය මණ්ඩලය අමතමින් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ,

රාජ්‍ය නිලධාරින් ජනතාවට සිය සේවාව සැපයීමේදී නීති රීතිවලට අනුගතව විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් රජයේ නව සංවර්ධන ක‍්‍රියාදාමයන්ගේ පාරිශුද්ධ බව ඉස්මතු වන බවයි.

සැලසුම් සහගතව සහ සුහදතාවයෙන් යුතුව මහජන සේවය සඳහා සියලු රාජ්‍ය සේවකයින් වගකීමෙන් බැඳී සිටින බව ද මෙහිදී ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වාදුන් ජනාධිපති ලේකම්වරයා නව ආකල්ප තුළින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට එක්වන ලෙස ද නව වසර උදාවත් සමඟ සියලු රාජ්‍ය සේවයකයන්ගෙන් ඉල්ලා සිටියේය.

නව වසරේ රාජකාරී ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව සියලු කාර්යය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව ලබා දෙන ලදී.

ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සියලු කාර්යය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News