මහමැතිවරණයට තරඟ කරන්න කැමති උගතුන්ට, බුද්ධිමතුන්ට එජාපයෙන් ආරාධනා

Share

පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා තරඟ කිරීමට කැමති උගතුන්ට, වියතුන්ට හා බුද්ධිමතුට අයඳුම්පත් බාර දෙන්නැයි ආරාධනා කර තිබේ.

 

අද (14) කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ‌මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ, පක්ෂ මුලස්ථානය වෙත මේ සඳහා අයඳුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඉදිරියේ ඇති පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ සඳහා මෙවැනි පිරිස් මෙන්ම වෘත්තීයවේදීන්ට නියෝජනයක් ලබා දීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් අවස්ථාව ලබා දී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ සඳහා විවෘත ආරාධනාවක් කරන බවත්, “සිරිකොත පක්ෂ මුලස්ථානය, එක්සත් ජාතික පක්ෂ මහලේකම්“ යනුවෙන් අයඳුම්පත් ඉදිරිපත් කරන ලෙසත් අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී කියා සිටියේය.

Read more

Local News