ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරඟය අද

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරඟය අද (17) පැවැත්වීමට නියමිතයි.

 

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30 ට තරගය ආරම්භ වෙයි.

දෙරට අතර පැවැති පළමු එක්දින තරඟය කඩුළු 10ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

2005 වසරෙන් පසු ඉන්දියාව ලැබු දරුණුතම එක්දින පරාජය මෙය වන අතර ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියාව කඩුළු 10ක ජයක් වාර්තා කරන්නේ පළමු වතාවටයි.

ඒ අනුව තරඟ 3කින් සමන්විත තරගාවලිය තරඟ 1 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වී තිබේ.