අභිරහස් වෛරසයක් – තිදෙනෙක් මරුට

Share

චීනයෙන් සොයා ගැනුණු කොරෝනා වෛරස ගණයට අයත් අභිරහස් වෛරසයක් ලොව පුරා සෞඛ්‍ය බලධාරීන්ගේ බරපතළ අවධානයට ලක් වී තිබේ.

 

මේ වනවිට පුද්ගලයින් 200කට අධික පිරිසකට වෛසරය අසාදනය වී ඇති අතර තිදෙනෙක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ වනවිට එම වෛරසයේ පුළුල් ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර චීනයේ නගර කිහිපයකින් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පිළිබඳව වාර්තා වී තිබේ.

දින දෙකක් තුළ වෛරසය අසාදනය වූ පුද්ගලයින් 139 දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි චීන බලධාරීන් පවසන අතර ඒ අනුව වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ සමස්ත පුද්ගලයින් ගණන 200 කට අධිකයි.

වසර 2002දී ද එම පවුලට අයත් වෛරසයක් ලොව පුරා පැතිරයාම චීනයෙන් ආරම්භ විය.

සාර්ස් (Sars) නමින් හැඳින්වුණු එම වසංගතයට පුද්ගලයන් 8098 දෙනෙකු ගොදුරු වූ අතර ඉන් 774 දෙනෙක් මිය ගියේය.

Read more

Local News