කොරෝනා හේතුවෙන් චීනයට හදිසි තත්ත්වයක්

Share

මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

 

කෙසේවෙතත් එම වෛරසය හේතුවෙන් සෙසු රටවලටද අවදානමක් පවතින නමුත් ලොව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ අවශ්‍යතාවක් මේ වනතෙක් මතුව නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (23) පැවති හදිසි රැස්වීමේදී තීරණය කර තිබේ.

චීනයේ වුහෑන් නගරයෙන් පළමුවරට වාර්තා වු කොරෝනා වෛරසය මේ වනවිට නගර 10ක් පුරා ව්‍යාප්තවී ඇති අතර මරණ 25ක් සහ ආසාදිතයින් 830 දෙනෙකු වාර්තා වී තිබේ.

Read more

Local News