සෞදි කුමාරවරුන් 11 දෙනෙකු අත්අඩංගුවට

Share

සෞදි කුමාරවරුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ඔවුන් එළෙස විරෝධතාවයේ නිරතව ඇත්තේ, මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ දැඩි පාලන ප්‍රතිපත්ති යටතේ රජ පවුලේ සාමාජිකයන්ගේ ජල විදුලි බිල්පත් ගෙවීම අත්හිටුවීමේ තීරණය වෙනස් කරන්නැයි පවසමින්.

තෙල් මිල පහත වැටීමත් සමග අතිවිශාල අයවැය පරතරයකට මුහුණදෙන සෞදි අරාබිය බලශක්ති සහනාධාර අඩුකිරීමටත් අගය එකතු කිරීමේ බදු පැනවීමටත් පියවර ගත්තේය.

රාජකීයයන්ගේ වරප්‍රසාද ද ඒ යටතේ අඩු කෙරුණු අතර ඊට එරෙහිව රියාද් නුවර කසාර් අල් හොකම් මාළිගයට ඊයේ රැස්වූ කුමාරවරුන් 11 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස දැනුම් දුන්නද නික්ම යාම ප්‍රතික්ෂේප කළ නිසා මෙලෙස අත්අඩංගුවට ගැනුනු බවයි සෞදි බලධාරීන් ප්‍රකාශ කළේ.

Read more

Local News