අවුරුදු 12ක දරුවෙකු ඝාතනය කළ අයෙක්ට මරණ දඬුවම

Share

මොණරාගල පළාත්බද මහාධිකරණය විසින් තණමල්විල පොලිස්බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12ක දරුවෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයකුට මරණ දඬුවම නියම කර ඇත.

 

සැකකරු ඝාතනයට ලක්වූ දරුවාගේ නිවසට ගොස් දරුවාගේ මවට පහරදී ඇති අතර සිය මව බේරාගැනීමට මැදිහත් වූ දරුවාට සැකකරු විසින් පොල්ලකින් පහරදී ඝාතනය කර ඇත.

මෙම සැකකරු විසින් 1993 වර්ෂයේ දී මෙම ඝාතනය සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් මීට ඉහතදී ද සැකකරුට මොණරාගල පලාත්බද මහ අධිකරණය මඟින් මරණ දඬුවම නියම කර ඇත.

නමුත් ඔහු යොමුකළ අභියාචනාධිකරණ ඇපෑලක් මඟින් මෙම නඩුව යළි විභාග කරන ලෙස අභියාචනාධිකරණය මඟින් නියෝගයක් ලබාදී ඇත.

ඒ අනුව මෙම නඩුව යලි විභාගය ආරම්භ කර ඇති අතර නඩුව 2020.02.10 සිට 2020.02.19 දක්වා අඛණ්ඩව දින නවයක් විභාගයට ගෙන ඊයේ (19) සැකකරුට මරණ දඬුවම නියම කර තිබේ.

Read more

Local News