ලාංකිකයන් 1000 කට සෞදියේ බස් රථ රියදුරු රැකියා

Share

සෞදි අරාබියේ බස් රථ රියදුරන් වශයෙන් සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුමට අදාළ මූලික එකගතාවයන්ට දෙරටේ නියෝජිතයින් එළැඹිණි.

 

මෙම එකඟතා ගිවිසුම සඳහා ශ්‍රි ලංකා විදේශ රැකියා නියෝජිතායතනය නියෝජනය කරමින් එහි සභාපති මේජර් සුදත් අබේසිංහ, සෞදි අරාබියේ රියාද් පොදු ප්‍රවාහන සමාගම නියෝජනය කරමින් එහි කළමනාකරණ අධ්‍යක්ෂක මොන්ටිගෝමර්ස් රොබට් ගාලන් යන මහත්වරුන් අත්සන් කරන ලදී.

මේ යටතේ ශ්‍රි ලාංකිකයින් 1000 ක් සඳහා රැකියා අවස්ථා හිමිවන අතර, බර වාහන රියදුරු බලපත්‍ර හිමි වයස අවුරුදු 45ට අඩු, වසර 2ක පළපුරුද්ද ඇති පුද්ගලයින්ට මෙම රැකියා අවස්ථා සඳහා අයදුම් කළ හැකිවේ.

රැකියාවට පෙර සති 3ක කාලයක් ඉංග්‍රිසි හා අරාබි භාෂා පුහුණුව මෙරටදී නොමිලේ ලබා දෙන අතර, තෝරා ගන්නා රැකියා ලාභීන්ට එරටදී ද විශේෂ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව එරට රියදුරු බලපත්‍රයද ලබාදීමට කටයුතු කෙරේ.

බඳවා ගන්නා ශ්‍රමිකයින් හට ගුවන් ටිකට්පත්, ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ ලබාදෙනු ලබන අතර, කිසිඳු ගාස්තුවක් ගෙවීමකින් තොරව මෙම රැකියා අවස්ථාවන් හිමි වේ.

Read more

Local News