කෙවින් පීටර්සන් ක්‍රීඩාවෙන් සමුගනීයි

Share

එංගලන්තයෙන් බිහිවු විශිෂ්ටතම පිතිකරුවකු වන කෙවින් පීටර්සන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කරයි.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරගාවලියේ මෙල්බර්න් ස්ටාර්ස් පිලට ක්‍රීඩා කරමින් සිටින මේ 37 හැවිරිදි දකුණත් පිතිකරුවා එම තරගාවලියට ක්‍රීඩා කරන අවසන් තරගවාරය මෙය වෙයි.

බිග් බෑෂ් තරගාවලියෙන් පසුව පාකිස්තානයේ සුපර් ලීග් තරගාවලියටත්. දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 දේශීය ක්‍රිකට් තරගාවලියකටත් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන පීටර්සන් අනතුරුව ක්‍රීඩාවවන් ඉවත්වන බව වාර්තා වෙයි.

දකුණු අප්‍රිකාවේ උපත ලැබූ පීටර්සන් එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් වසර 9ක් ක්‍රීඩා කළේය. ඔහු එංගලන්ත – ඔස්ට්‍රේලියා සුප්‍රකට අළුබඳුන ටෙස්ට් තරගමාලා ඉතිහාසයේ ස්වර්ණමය පිතිකරුවකු ලෙස වාර්තාපොතට එක්වී සිටී.

එංගලන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී එරට ක්‍රිකට් ප්‍රධානීන් විවේචනය කිරීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කළ පීටර්සන් අනතුරුව ලොව පුරා විවිධ රටවල විස්සයි20 තරග බිමේ කොන්ත්‍රාත් ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරමින් සිටියේය.

Read more

Local News