Home දේශීය පුවත් ලංකාව කොරෝනා ව්‍යාප්තියේ 3A අවධියේ – සිව්වැනි අදියර භයානකයි

ලංකාව කොරෝනා ව්‍යාප්තියේ 3A අවධියේ – සිව්වැනි අදියර භයානකයි

0
ලංකාව කොරෝනා ව්‍යාප්තියේ 3A අවධියේ – සිව්වැනි අදියර භයානකයි

ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් -19 ව්‍යාප්තියේ 3A අවදියට පිවිස තිබේ.

 

එහි හතරවැනි අවදිය වන්නේ ගම්මානයකින් රෝගීන් කිහිප දෙනකු වාර්තා වීමයි.

එම තත්ත්වය වළක්වා ගත හැක්කේ කෙසේ ද ?

ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමුවී අදට මාස දෙකකුත් දින හතරක් වෙයි.

එම කාලය තුළ රෝගීන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ අතර පුද්ගලයින් දෙදෙනකු ද එම රෝගයෙන් මිය ගියේය.

වෛද්‍යවරුන් පවසන්නේ, ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19  ව්‍යාප්තියේ 3A අවදියේ සිටින බවයි.

තුන ඒ යනු එකම නිවසකින් රෝගීන් කිහිපදෙනකු වාර්තා වීමයි.

ගම්මානයකින් රෝගීන් කිහිපදෙනකු වාර්තාවීම තුන බී ලෙස හැඳින් වෙයි.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ, නිවාසිතව ආසාදිතයින් පොකුරු වශයෙන් මෙම අවදිය දැකි බවත් මෙයට ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරිය කණගාටුදායක විය හැකි බවයි.

වෛද්‍යවරයා පවසන්නේ, සිව්වැනි අදියර ඉතාමත්ම භයානක තත්ත්වයක් බවයි.

එසේ නම් එම අවස්ථාවට නොයෑම සඳහා ගත යුතු පියවර කුමක් ද ?

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ මේ යන ආකාරයෙන් නිවැරදි ක්‍රියාමාර්ග නොගන්නේ නම් අප්‍රේල් මස 4 වන සතිය වන විට උපරිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

එහිදී ආසාදිතයින් සමඟ ගැටුණු සියලු දෙනා නිරෝධායනයට ලක් කළ යුතු බවත්, රෝගීන් හැකිතාක් හඳුනා ගත යුතු බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම පරීක්ෂණ පහසුකම් පවා වැඩි කළ යුතුව ඇතැයි ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

යුරෝපය ඇතුළු ශීත කාලගුණික තත්ත්වයක් පවතින රටවල කොවිඩ් 19න් සීග්‍රෙයන් ව්‍යාප්ත වෙද්දී මෙරට කාලගුණය ඊට කොතෙක් ඔරොත්තු දෙන්නේ ද ?

උෂ්ණත්වය ඉහළ යන විට වෛරසය විනාශ වීමේ හැකියාව ඇති බවත් නමුත් වෛරසය පැය කීපයක් බාහිර පරිසරයේ පැවතිය හැකි බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් කොවිඩ් 19 වෛරසය චීනයෙන් පළමුවරට හමුවී මාස තුනකට වැඩි කාලයක් ගතවුත් මෙතෙක් ඊට නිශ්චිත ඖෂධයක් සොයාගෙන නැහැ.

මිනිසා කොතෙක් බුද්ධියෙන් උසස් වුවත් රෝග ව්‍යාප්තිය පාලන කරන එකම ක්‍රමවේදය ලෙස සිදුකරන්නේ, ලෝක ප්‍රජාව නිවෙස් වෙතට සීමා කිරීමයි.

මේ තත්ත්වය තව කොතෙක් කල් පවතීද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ බටහිර පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ, තකේෂී කසායි මහතා පවසා සි‍ටියේ මෙවන් අදහසක්.

“කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර සොයාගැනීමට පැය විසි හතර පුරාම අඛණ්ඩව කැපවෙන පුද්ගලයින් ඉන්නවා. ඒත් මෙම වෛරසය මේ සතිය හෝ ලබන මාසයේදී තුරන් වේවි කියලා අපේක්ෂාකරන්න බැහැ.

ගෝලීය වසංගත තත්ත්වය පවතින තුරු අවදානම පහව යන්නේ නැහැ. කෙසේ වෙතත් දැනට අනුගමනය කරන ආරක්ෂක ක්‍රම වේද මගින් ඉදිරි අවදානමකට මුහුණදෙන්න තරම් කාලය අපට ලැබේවි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here