රඛයින් ප්‍රාන්තයේ බෞද්ධයන් 7ක් වෙඩි පහරින් මරුට

Share

බහුතර රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන රඛයින් ප්‍රාන්තයේ බෞද්ධ විරෝධතාකරුවන් වෙත එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් හත් දෙනෙකු පමණ මරණයට පත්ව තිබේ.

අරකන් රාජ්‍යයෙහි බිඳ වැටීම සනිටුහන් කෙරෙන වාර්ෂික සැමරුම් උළෙල තහනම් කිරීමට එරෙහිව රඛයින් ප්‍රාන්තයේ වෙසෙන බෞද්ධයන් හාර දහසක් පමණ ම්රවුක් උ වෙත පෙරේදා (16) රැස්ව සිටියහ. ඉන් අනතුරුව හටගත් ප්‍රචණ්ඩකාරී වාතාවරණයත් සමග තවත් ගණනාවක් තුවාල ලබා ඇත.

මෙම වාර්ෂික සැමරුම් උළෙල පැවැත්වීම සඳහා අනුමැතිය ලබා දීම මියන්මාර බලධාරීහු මෙවර ප්‍රතික්ෂේප කළහ. ඊට විරෝධය පළ කිරීම සඳහා උද්ඝෝෂකයන් රජයේ කාර්යාලයක් වට කළ අතර එහිදී පොලිසිය විසින් ඔවුන්ට විවෘත වෙඩි තැබීමක් සිදු කළේය.

Read more

Local News