මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1094ක් දක්වා ඉහළට

Share

අද(24) සවස 2.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1094ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අවසන් ආසාදිතයින් පස් දෙනාම කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවද වාර්තා වේ.

මේ අතර අද දිනය තුළ පූර්ණ සුවය ලැබු පුද්ගලයින් 14 දෙනෙක් රෝහල්වලින් පිටව ගිය අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 674 ක් දක්වා ඉහළ ගියේය.

ආසාදිතයින් 407 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read more

Local News