ජනපති සෝමාවතී පුදබිමේ පැවති ආගමික වතාවත්වලට එක්වෙයි

Share

ජනතාවට සහ රටට සෙත්පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය විහාර පුදබිමේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී තිබේ.

 

අද පෙරවරුවේ සෝමාවතිය පුදබිමට පැමිණි ජනාධිපතිවරයා රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමි බැහැ දැක ආශිර්වාද ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සෝමාවතී සෑ රඳුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී තිබේ.

සෝමාවතිය පුදබිම ගංවතුර තත්ත්වයන්ට ලක්වන බැවින් එවැනි අවස්ථාවකදී සහය විය හැකි ආකාරයෙන් ගුවන් හමුදාව විසින් ඉදිකෙරුණු හෙලිකොප්ටර් යානාංගනය විවෘත කිරීමට ද ජනාධිපතිවරයා එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Read more

Local News