කළුතර නගර සභා සභාපති අත්අඩංගුවට

Share

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් දේපළවලට අලාභ හානි සිදුකළ බවට සැකපිට කළුතර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

නිරෝධායනය උල්ලංඝනය කිරීම, අයුතු ජනරාශිය සහ දේපළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

සැකකරු අද(29) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News