ලීසිං අක්‍රමිකතා පැමිණිලි බාර ගැනීමේ අවසන් දිනය අද

Share

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් මගින් සිදුකරන අක්‍රමිකතා පිළිබඳ අදහස්, යෝජනා සහ පැමිණිලි බාර ගැනීමේ කටයුතු අදින් අවසන් කෙරේ.

 

එම අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ත්‍රිපුද්ල කමිටුවක් පත් කළ අතර එම කමිටුව විසින් පසුගිය 23 වනදා සිට අදාළ අදහස්, යෝජනා හා පැමිණිලි බාර ගැනීම සිදු කරන ලදී.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීති ලේකම් නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතා කටයුතු කරයි.

මේ වනවිට එම කමිටුවට පැමිණිලි 60 කට වැඩි        ක් ලැබී තිබේ.

පොලී අනුපාත අක්‍රමිකතා සහ නීත්‍යානුකූල නොවන ලෙස ලීසිං සහ මූල්‍ය සමාගම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැඩි පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති බව වාර්තා වේ.

අදාළ කමිටුව විසින් සකස් කළ වාර්තාව හෙට (01) දිනයේ මහ බැංකු අධිපතිවරයාට බාර දීමට නියමිතව තිබේ.

පසුගියදා සමස්ත ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා අමානුෂික ලෙස ඝාතනයට ලක්වීමත් සමඟ මෙරට තුළ ලීසිං සහ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් දැඩි කථාබහක් ඇති වුණි.

Read more

Local News