Tuesday, March 19, 2024.

අල්ලස් ගත් නාකොටික් පොලිස් කොස්තාපල්වරය‌ෙක් අත්අඩංගුවට

Share

මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ දී රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අද (12) දින අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

එම පැමිණිලිකරුට එරෙහිව හෙරොයින් වෙළෙඳාම හා භාවිතය සම්බන්ධයෙන් චෝදනා තිබී ඇති ඔහුගේ මෙමරි කාඩ්පතක් චූදිත පොලිස් නිලධාරියා විසින් සිය භාරයට ගෙන තිබේ.

ඒ අනුව එම චෝදනාවට පැමිණිලිකරුව අත්අඩංගුවට නොගෙන සිටීමටත් ඔහුගේ මෙමරි කාඩ්පත නැවත ලබා දීමටත් යයි පවසමින් චූදිත පොලිස් කොස්තාපල්වරයා විසින් අල්ලස් වශයෙන් මීට පෙරද මුදල් ලබාගෙන ඇති බව වාර්තා වේ.

Read more

Local News