අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාළගුණයක්

Share

අද (01) දිනයේ දී දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සදහන් කරයි.

ඌව, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වර්ෂාපතනයක්ද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වර්ෂාපතනයක්ද, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මි. 40 පමණ තද සුළංද ඇති විය හැකි බව. එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති අවස්ථාවන් වලදී අකුණු මඟින් තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටියි.

එමෙන්ම අද (01) දින දහවල් 12:10 පමණ වන විට නොච්චියාගම, යාලේගම, ගල්කුලම, සියඹලෑව, නිතුල්ගොල්ලෑව සහ වෙරුගල් ප්‍රදේශවලට හිරු මුදුන්ව පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News