2020 දී ඉතා හොඳ අපනයන වෙළෙඳපොළක් සපත්තු හා සම්භාණ්ඩවලට

Share

2020 වන විට ලෝකයේ සපත්තු හා සම්භාණ්ඩ වෙළෙඳපොළ ඩොලර් බිලියන 600ක් හෙවත්, රුපියල් බිලියන 90,000ක් ඉක්මවා ගොස් ගෝලීය වෙළෙඳපොළ පුළුල්වීම නිසා අපේ සපත්තු හා සම්භාණ්ඩවලට 2020 දී ඉතා හොඳ අපනයන වෙළෙඳපොළක් ලැබෙන බවත් ඒ නිසා අපේ ව්‍යවසායකයින් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “සම්භාණ්ඩ හා පාවහන් නිෂ්පාදන ප්‍රදර්ශනය” නිමිත්තෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.
මෙම ප්‍රදර්ශනයට ඉන්දියාව, පකිස්ථානය, චීනය හා ශ්‍රි ලංකාව ඇතුළු රටවල් කීපයක් එක්ව සිටිය අතර, මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය සංවිධානය කර තිබුණි.

Read more

Local News