පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් සිදුකළ ජාවාරමක් වටලයි

Share

බුත්තල ප්‍රදේශයේ පාසල් ළමුන් හා උපකාර පන්ති සඳහා පැමිණෙන සිසුන් ඉලක්ක කර ගනිමින් ගංජා මිශ්‍ර බාබුල් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එහිදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර බාබුල් ඇසුරුම් 5300ක් සොයාගෙන ඇති අතර, එම එක් ඇසුරුමක් රුපියල් 10 බැගින් අලෙවි කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් ඉතාමත්ම සූක්ෂම ලෙස බුත්තල නගරයේ දී මෙම ජාවාරම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 57 සහ 65 යන වයස්වල පසුවන බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

Read more

Local News