Home දේශීය පුවත් රාජ්‍ය සේවා කොමිසමෙන් නිවේදනයක්

රාජ්‍ය සේවා කොමිසමෙන් නිවේදනයක්

0
රාජ්‍ය සේවා කොමිසමෙන් නිවේදනයක්

මහජන දිනය ඇතුළු සියලු හමුවීම් අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

 

ඒ වෙනුවට තම සේවාලාභීන් සඳහා නව සේවාවන් හඳුන්වා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත තම ඉල්ලීම් යොමු කිරීමෙදී හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය සඳහන් කර එවීමෙන්, යොමු අංකයක් කෙටි පණිවිඩයක් මගින් සේවාලාභියාට ලබාදීමට කටයුතු කර තිබේ.

PSC <හිස්තැනක්> යොමු අංකය සඳහන් කර, 0704364462 යන අංකයට කෙටි පණිවිඩයක් එවීම මගින් සේවාලාභියාගේ ඉල්ලීම සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය ක්ෂණිකව දැනගැනීමට හැකි වෙන බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දෙයි.

තවද, www.psc.gov.lk ඔස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙබ් අබවියට පිවිස එහි “තත්ත්ව ග්‍රහණය” කවුළුව වෙත “යොමු අංකය” ඇතුළත් කිරීමෙන් ඉල්ලීම පිළිබඳව මේ වනවිට ගෙන ඇති සියලු ක්‍රියාමාර්ගයන් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබේ.

තවද, පහත දුරකතන අංක මගින් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දෙයි.

011 -2136600 (පොදු)

011 – 2136603 (අතිරේක ලේකම්/ මෙහෙයුම්)

011 – 2136617 (ලේකම්)

ඒ ඔස්සේ සිය අවශ්‍යතාවයන් ඉටුකරගන්නා ලෙසත්, විශේෂ කැඳවීමක් කළහොත් පමණක් කර්යාලයට පැමිණෙන ලෙසත් සියලු සේවාලාභින්ට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here