හුදකලා කළ ප්‍රදේශවලට ඇතුළුවීම හෝ පිටවීමට නොහැකියි

Share

බස්නාහිර පළාත හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය අද(09) අලුයම 5.00ට ඉවත් කෙරුණි.

 

නමුත් කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල පොලිස් වසම් කිහිපයක් තවදුරටත් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව එම ප්‍රදේශවලින් කිසිවෙකුටත් පිටවීමට හෝ ඇතුළුවීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

Read more

Local News