මාතෘභූමිය ඔසවා තැබීම අාණ්ඩුවේ වගකීමයි – මංගල සමරවීර මහතා

Share

පොරොන්දු සහ වගකීම් නිවැරදිව ඉටු කර අවංක සහ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන කණ්ඩායම් සමඟ අත්වැල් බැඳ මාතෘභූමිය ඔසවා තැබීම අාණ්ඩුවේ වගකීම බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2015 ජනවාරි 8 වන දින මෙරට බහුතර ප්‍රගතිශීලීන්ගේ සම්මුතියෙන් ඉදිරිපත්වන ලද ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන ලද දර්ශනයට ශ්‍රී ලාංකිකයෝ 51%ක් තම ඡන්දය පළ කළහ.

අබලන්ව පැවති යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය යළි ගොඩනැංවීම සඳහා කඩිනම් සහ ස්වාධීන ක්‍රියාමාර්ග ගැනීමට අප පසුගිය වසර තුන තුළදී කටයුතු කළෙමු. සංකීර්ණ අපරාධ, මිනීමැරුම් සහ වංචා විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය වූ උපකරණ සහ තාක්ෂණය ලබා දී පොලිසිය බල ගැන්වීමට අප කටයුතු කළෙමු.

රජයේම පාර්ශ්වකරුවන් සම්බන්ධ චෝදනා පිළිබඳව විමර්ශනය කර ස්වාධීනව නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ විවර කළ ප්‍රථම රජය බවට පත් වීමු.

නමුත් ජනතාව අප සිදුකළ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසා ඇත.

ජනතාවගෙන් මෙම පණිවුඩය එජාපයට තදින්ම දැනී ඇති අතර අප වසර තුනකට පෙර වූ පොරොන්දු ඉටුකිරීමටත්, මහජන විශ්වාසය පවත්වා ගැනීමටත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපි කැපවී සිටිමු.

Read more

Local News