මුදල් කොමිෂන් සභාවේ 2016 වර්ෂය සදහා වූ වාර්ෂික වාර්තාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
මුදල් කොමිෂන් සභාවේ සභාපති උදිත එච්. පලිහක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදුන්නේ ය.
මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.