ඊයේ (20) දිනය තුළ මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 594 දෙනෙක් හඳුනාගෙන තිබේ.
ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ආසාදිතයින් ගණන 253ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124ක් හා මහනුවරින් ආසාදිතයින් 62ක් වාර්තා වී තිබේ.
ඊයේ දිනයේ කොවිඩ් නයින්ටීන් මරණ 5ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 176ක් දක්වා ඉහළ ගොස් තිබේ.