මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 109 කට සහ ලාංකික ධීවරයින් 6 දෙනෙකු හට නිදහස

Share

මුහුදු සීමා උල්ලංඝණය කර නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අත්අංඩගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු යළි එරටට භාර දීම සහ ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු නැවත මෙරටට භාර දීම ඊයේ (20) නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

එම කර්තව්‍ය කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් වන එඩිතර II, වික්‍රම II, ප්‍රතාප සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 409 වේග ප්‍රහාරක යාත්‍රාව ද එක් විය.

ඒ අනුව, ඉන්දියානු ධීවරයින් පිරිස ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අතුල්යා සහ රානි දුර්ගාවතී යන නෞකාවන් වෙත භාර දීමට කටයුතු කළ අතර, ලාංකික ධීවරයින් පිරිස කන්කසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.

Read more

Local News