රත්නපුර පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට පියවර ගැනේ

Share

රත්නපුර පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට පියවර ගැනේ.

රත්නපුර පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආරම්භ කරන වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සදහා සායන පුහුණුව ලබාදීමට රත්නපුර පළාත් මහ රෝහල තෝරා ගෙන ඇත. එම රෝහල මගින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මේ වනවිට සෞඛ්‍ය සේවා සපයයි. උපාධි අපේක්ෂකයින් සදහා වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, රෝග නිශ්චය සහ අනෙකුත් සමාන්තර සෞඛ්‍ය සේවාවන් සදහා විධිමත් පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම රෝහල සංවර්ධනය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සදහා උපාධි අපේක්ෂකයින් 75 කගෙන් යුත් පළමු කණ්ඩායම බදවා ගැනීමට නියමිතය. සායනික පුහුණුව සදහා අවශ්‍ය මහාචාර්ය ඒකකය ඇති කිරීම සදහා රෝහලේ පහසුකම් වැඩිදියුණු කරමින් ශික්ෂණ රෝහලක් ලෙස එය නම් කර ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Read more

Local News