“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව 13087ක් බවත් මේ වනවිට අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 9101ක් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අද (18) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
අවසන් නොකළ ව්‍යාපෘති සංඛ්‍යාව 3986ක් බව කී අමාත්‍යවරයා සියලු ව්‍යාපෘති වසර 2020 වන විට අවසන් කරන බවද කීය. ”ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය සමස්තයක් ලෙස 70%ක වැඩ අවසන් වී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.